ඒ.ටී.එම් යන්ත්‍ර මඟින් සිදු කරනු ලබන ගෞදෙනුවල සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ගෙවුම් කාඩ්පත් සහ ඒ.ටී.එම් යන්ත්‍ර භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු බව මහ බැංකුව ජනතාවට දැනුම් දෙයි.

හදුනාගත නොහැකි , අනවසර ගණුදෙනුවක් හෝ අහිමි වූ හෝ අස්ථාන ගත වූ කඩ්පත් වේනම් එවැනි සිදුවීම් වහාම අදාල බැංකුව දැනුවත් කිරීමට පියවර ගන්න යැයි නිවේදනයක් නිකුත් කරයි.

ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර ජාලයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ගණුදෙනුවන් විසින් ඊ.එම්.වී. තාක්ෂණය සදනා ගෙවුම් කාඩ්පත් භාවිතා කිරීම අවශ්‍ය බවයි මහ බැංකුව සදහන් කරන්නේ.

ඒ මත පිහිටා තිබෙන විද්‍යුත් චිපය මගින් ඒ බව හදුනා ගත හැකි අතර, එලෙස ඊ.එම්.වී. තක්ෂණයෙන් තොරව කාඩ්පතක් භාවිතා කරන්නේ නම් එම තාක්ෂණය සහිත නව කාඩ්පතක් නිකුත් කරන මෙන් අදාල බැං කුවෙන් ඉල්ලීමක් කල හැකි බවද මහ බැංකුව වැඩි දුරටත් ප්‍රකාශ කලා.

මේ අතර සී.සී.ටී.වී. දර්ශණ පථයට හසු නොවන ලෙස ඒ.ටී.එම්. යන්ත්‍ර අසල සැක කටයුතු අන්දමින් රැදී සිටින පුද්ගලයින් පිළිබඳව ඔලීසිය විශේෂ විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍ර හරහා සිදුකරනු ලබන මුදල් වංචා කිරීමේ ජාවරමක පිලිබදව තොරතුරු අනාවරණය වීමත් සමගයි.

පසුගිය දින කීපයේ දිවයිනේ ප්‍රදේශ කීපයක වාර්ථා වූ මෙම සිදුවීම්වලට අදාලව චීන ජාතිකයින් දෙදෙනෙකු සහ රුමේනියානු ජාතිකයකු අත් අඩංගුවට ගෙනරක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔවුන් ඒ.ටී.එම් යන්ත්‍ර ආශ්‍රිතව උපකරණයක් සවිකර ගණුදෙනුකරුවන් විසින් යන්ත්‍රයට ඇතුලත් කරනු ලබන කාඩ්වල දත්ත සොරගෙන ව්‍යාජ කාඩ්පත් සකසා රුපියල් ලක්ෂ 12ක් පමන මුදල් වංචා කර ඇති බවයි පරීක්ෂනවලදී හෙලි වී ඇත්තේ.

ඔවුන් සන්තකයේ තිබී එලෙස සකස් කරන ලද ව්‍යාජ ඒ.ටී.එම්. කඩ්පත් 200ක්සොය ගැනුනා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ඒ.ටී.එම් යන්ත්‍ර ආසන්නයේ සැක කටයුතු ලෙස ගැවසෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසයි.