මාකදුරේ මදූෂ් මෙරටට ගෙනඒම සම්බන්ධයෙන් නීතිමය බාධාවක් මතුව ඇතැයි වාර්තා වනවා. මෙයට හේතු වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාව අතර අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අදාළ ගිවිසුමක් නොමැති බැවින්. මේ අනුව මධූෂ් ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට ගෙන ඒමටනම් දැඩි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් අවශ්‍ය වනවා.

2008 – 2009 වසර වල ජානක ප්‍රියන්ත බණ්ඩාර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී රටවල් දෙක අතර මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු සම්පාදනය වුණා. නමුත් මේ වන තෙක් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර එවැනි ගිවිසුමකට මෙතෙක් එළඹ නැහැ.

මේ හිඩස නිසා බොහෝ අපරාධකරුවන් ඩුබායි රටට ගොස් සැඟවී සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.